සිසුන් හාර ලක්ෂ පනස් දාහකගේ අනාගතය දැඩි අවධානමක!
සියලු පාඩු වල බර අවසානයේ ජනතාවගේ කර මත!
දින 71 ක් පුරා දිග්ගැස්සී තිබෙන මෙරට විශ්ව විද්යාල පද්ධතියේ අනධ්‍යන සේවක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට රටේ සමස්ථ ආර්ථිකයටම විශාල පඩුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
රටේ විශ්ව විද්‍යාල පද්ධතිය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම සදහා දිනකට කෝටි 16 ක පමණ මුදලක් රජය විසින් දරන අතර එම මහජන මුදල මේ වන විට රටේ ආර්ථිකයට කිසිදු ප්‍රයෝජනයක් නොවූ වියදමක් පමණක් වී ඇති බව පවසන වසන්ත අතුකෝරළ මහතා මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල අභ්‍යන්තර සිසුන් බාහිර සිසුන් පශ්චාත් උපාධි අපේක්ෂාවෙන් සිටින හා විදේශ වල සිට මෙහි පැමිණ ඉගෙනුම ලබන සිසුන් ඇතුළු සමස්ථ සිසුන් හැර ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසකගේ අනාගතය මෙම වැඩ වර්ජනය හා ඊට විසදුම් නොදීම හේතුවෙන් අවිනිනිශ්චිත හා දැඩි අවධානමකට ලක් වී ඇති බවද පවසයි.
මැතිවරණය සමයන්හි විවිධ වෘතිකයින් සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා වර්ජන ක්‍රියා මාර්ග වලට යාම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා වර්ජකයින් විසින් වර්ජන දිග්ගැස්සීම් හා පවතින ආණ්ඩු ඒවාට නිසි විසදුම නොදීම නිසා රටේ ආර්ථිකයට දැවැන්ත පාඩුවක් සිදු වන බවද එම පාඩුව අවසානයේ ගෙවීමට සිදු වන්නේ රටේ සමස්ථ මහජනතාවට බවද පවසයි. ඉල්ලීම් දිනා ගැනීම සදහා වැඩ වර්ජන සිදු කරන පාර්ශව මෙන්ම රටේ ආණ්ඩුවද මේ තත්වය හොදින් තේරුම් ගත යුතු බවද මහාචාර්ය වරයා පවසයි.
asianewsplusone.com sfmnewslk.com

