බොහෝ දෙනෙක් ගුරුවරු සිදුකල වර්ජනයට බනිති…එහෙත් එසේ බනින්නේ එක් අංශයක් ගැන අල්ලාගෙන පමණි…අනිත් වෘර්තිකයන් කොතරම් වැඩ වර්ජන කරත් නොබනිති…වෛද්‍යවරුන් ලෙඩ්ඩු කොච්චර මැර්නත් එයාල වෙනුවෙන් වර්ජනය කරති..එහෙත් මීක් සද්දයක් නැත…එයට කමන් නැත..
ඇත්තටම බනින ඔබ දන්නවද පාසල්වල තත්වය…පාසල්වල උගන්වන ගුරුවරයෙක්ගේ පඩිය 60000කි..අස්වැසුම ගන්න මනුස්සයත් මාසෙට ඊට වඩා උපයති…ඒකටත් කම් නැහැ..ඔබ දන්නවද අද වෙනකොට පාසල්වල ගුරුවරු අතර පිරිමි ගුරුවරු ඉන්න ප්‍රමාණය..සමහර පාසල්වල පිරිමි ගුරුවරු නැත…ඇයි?ගොඩක් පිරිමි ගුරුවරු සේවය අතහැර වෙනත් රැකියාවලට ගොස්ය…ඒවගේම දක්ෂ ගුරුවරු බහුතර ප්‍රමානයක් පාසල අතහැර වෙනත් රැකියාවලට ගොස් ඇත.විශේෂයෙන්ම ගණිත,විද්‍යා විෂයන් උගන්වන්නට ගුරුවරු නැති තරම් එතකොට ඒ පාසල්වල ඒ විෂය උගන්වන්නේ සමහර විට කලා විෂය කරන ගුරුවරුන්ය…ඔබ හිතන්න ඒ ගැන ඔබ කතා කෙරාද,තමන්ගේ ළමයා පාසලට ගෙනත් දා නැවත රැගෙන යනවා පමනක් නොව ඒවා සොයා බලන්න…
පාසලක උගන්වන්න පහසුකමක් තියේද කියල බලන්න..සමහර විට උගන්වන්න පන්ති කාමර නැත…සමහර ළමයින්ට කැමති විෂය ඉගන ගන්න ගුරුවරු නැත..අඩුම තරමේ හරියට උගන්වන්න බොඩ් එකක්වත් නැත..මේ අඩුපාඩු දෙමව්පියන්ට ලිස්ට් හදල එව්වොත් ඒවා හදල දෙන්න පුලුවන්ද? නගරයේ ජනප්‍රිය පාසල්වලට සියල්ල තියේන දේ ගමේ පාසලට මොනවද තියෙන්නෙ කියලා ගිහින් 👀 බලන්න..ළමයි පවි..සල්ලිතියෙන අය නගරයේ පාසල්වලට ලක්ෂ ගණන් කප්පන් දීල දරුවෝ දාගන්නවා..හැබයි පුප්පත් අයට පුලුවන්ද…ඇත්තටම පාසලක ශ්‍රමදානයටවත් ඔය බනින මිනිස්සු යනවද..ඇයි බැරි ගමේ පාසල පිරිසිදු කරන්න ඔය නිකන් අස්වැසුම කන මිනිස්සුන්ට පඩ්යක් ගෙවල ඒවගේ තැන්වලට යොමුකරන්න බලකරන්න…
සමහර මිනිස්සු පාසල ඩේකෙයා එකක් යැයි සිතති…7.30-1.30ළමයා පාසලට ගෙනත් දා එක්කන් යති…කවදාවත් පාසලේ වෙන දේ ගැන නොදනිති…
මතක තබාගත යුතු එකම දේ නව පරම්පරාවේ ඉගන ගන්නා බොහෝ දෙනෙක් අද ගුරු වෘත්තීය අතහැර දමති..අවසානයේ අදක්ෂ පිරිසක් මෙම ක්ෂේත්‍රයට පැමිණේ..එවිට අපේ දරුවා මොට්ටයෙක් වන එක නිරායාසයෙන්ම සිදුවේ…බොහොවිට දේශපාලකයාගේද පරමාර්ථය එයම වේ…
asianewsplusone.com sfmnewslk.com
ආචාර්ය්‍ය එම් එම් සෆාන්
විධායක අධ්‍යකෂක
මානව හිමිකම් සුරැකිමේ සංවිධානය

