ගජබාහු ඉංදියාව ට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඉන්දියානු නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව ඉකුත් දා (25) ඉංදියාව බලා  පිටත්විය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම මෙම මස 30 වන දින ආරම්භ වී නොවැම්බර් මස 03 දින දක්වා පැවැත්වෙන අතර මෙම නාවික අභ්‍යාසය සදහා ඉංදියාව සමගින්  බංග්ලාදේශය භූතානය මියන්මාරය  ශ්‍රී ලංකාව නේපාලය සහ තායිලන්තය යන රටවල් එක්වීමට නියමිතය.

මෙම අභ්‍යාසය මගින් සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම මෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිත සමුද්‍රීය කලාපයේ මෙහෙයුම් සම්බන්ධීකරණය ගොඩනැගීම සහ කලාපීය ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කිරීම කෙරේ විශේෂ අවධානය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *