www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අනීතික සංක්රමණ සම්බන්ධීකරණ නිළධාරිණී සොන්ටා ඩග්ලස් (Sonya Douglas) මහත්මිය ඉකුත් 26 දා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා එම කාර්යාලයේදී හමුවිය.
උතුරු පළාතේ අනීතික සංක්රමණ ප්රවනතා සාගරික දේශසීමා ආරක්ෂාව මානව ජාවාරම් සහ සංවිධානාත්මකව සිදු වන අපරාධ පිලිබඳව මෙන්ම දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ක්ෂේත්ර පිළිබදව මෙම නිල හමුවේ දී අදහස් හුවමාරු වූ අතර එම හමුවීම සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරවක් සිදු විය.
