www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
කොත්මලේ කොටගේපිටිය ප්රදේශයේදී පසුගියදා බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇත.
එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙක් කාන්තාවකි. ඇය ප්රදේශවාසීන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව වාර්තාවේ. රථයේ සිර වී සිටි අනෙක් පුද්ගලයා පිරිමි අයෙක් වන අතර එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇත. එම මෘතදේහය ආරක්ෂිතව මුදා ගැනීම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් තම සක්රීය දායකත්වය ලබා දෙන ලදී.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාස්වෙල කොටගේපිටිය ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 54 හැවිරිදි කාන්තාවකි.
