www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය.
දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන කසළ කළමනාකරණ නව වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ පිහිටුවීම කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු කෙරිණි.
තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත් කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසළ කළමනාකරණය, නගර අලංකරණය, ඇළ මාර්ග පිරිසිදු කිරීම, මලාපවහන පද්ධති නවීකරණය කිරීම, උද්‍යාන නිසි පරිදි ප්‍රතිසංස්කරණ කිරීම ආදී වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.
