උඩරත්මීවල ශ්‍රී සද්දෝධ්‍යාරාම විහාරස්ථානයේ චෛත්‍යය ගර්භය බිඳ දමලා (මීට පෙරද චූඩා මාණික්‍යයක් සොරකම් කරලා)

www.sfmnewslk.com

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

උඩරත්මීවල මැණික්දිවෙල ශ්‍රී සද්දෝධ්‍යාරාම විහාරස්ථානයේ චෛත්‍යය ගර්භය බිඳ දමා ඇති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති වලගෙදර සද්ධාජීව ස්වාමීන්වහන්සේ විසින් කඩුගන්නාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

අද (31) දින උදෑසන මෙම පැමිණිල්ලක් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. චෛත්‍යය ගර්භයෙන් සොරකම් කරන ලද භාණ්ඩ හෝ මූල්‍ය වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත. 

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදීද මෙම විහාරස්ථානයේ චෛත්‍යයක් බිඳ එහි තිබූ චූඩා මාණික්‍යය සොරකම් කර තිබෙන බවද වාර්තාවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *