බලධාරීන්ගේ ඇසට නොපෙනෙන කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය 

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

කොලින් හරිශ්චන්ද්‍ර

සංචාරක කර්මාන්තයට මහඟු පිටුවහ ලක් වූ කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය ආරම්භයේ සිට මේ දක්වා විනාශ වීමට හා බිඳ වැටීමට හේතු වූයේ කොළඹ ඉදිවුණ railway Grante museum Private limited මෙහෙය වූ හේමසිරි ප්‍රනාන්දුගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි දුම්රිය බලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසාද ?

මේ කෞතුකාගාරය තුළින් විශේෂයෙන් පාසල් සිසු සිසුවියන්ටත්, විශ්ව විද්‍යාල සිසුන්ටත් හා සංචාරකයින්ටත් දැනුම ලබා ගැනීමට උපකාරී වූ මෙම ස්ථානය ආරම්භක මූලික වර්ෂවලදී ආදායම් අතින් ද විශාල වශයෙන් ලාබ ලබා ඇති බව ද වාර්තාවේ. ඉහත එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවය මතට හිටපු ප්‍රවාහන අමාත්‍යවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඉහත කී සමාගම අරඹා ඇත. දෙපාර්තමේන්තුව කෞතුකාගාර දෙකම සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයේ දී ඉහත පුද්ගලයාගේ බලපෑම නිසා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක නොවීය.

යටිනුවර සම්බන්ධීකරණ කමිටුවේදී ද මෙම ස්ථානය වැඩි දියුණු කොට සංචාරක කර්මාන්තයට දායාද කිරීමට 2019 සිට දැරූ උත්සාහයන්  මේ දක්වා සාර්ථක වී නැත. දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු වියදමක් නොදරාම මෙම ස්ථානය සංවර්ධනය කිරීමට තිබූ අවස්ථා මෙම ස්ථානය භාරව කටයුතු කළ දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයට අයත් නිලධාරීන් ගේ නොසැලකිලිමත්කම නිසා මෙය සිදුවී ඇත. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් වත්මන් පාලන බලධාරීන් විසින් සිදු කළ යුතුව ඇත. එම පරීක්ෂණය මගින් සිදුවී ඇති විනාශය සහ  ඒ සඳහා තීන්දු තීරණ ගත් නිලධාරීන් මෙම කෞතුකාගාර විනාශයට ඍජුව හෝ වක්‍රව වගකියන්නේද යන්න සොයා බැලීමක් කළ යුතුය.

කුමන ස්ථානයක තිබුණත් කෞතුක භාණ්ඩ සංරක්ෂණය කොට පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම මගින් ලෝකයට ඉතිරි වී ඇති මෙම වටිනා පැරණි කෞතුක භාණ්ඩ පරවි මළපහ කිරීම තුළින් ඇතිවන දුර්ගන්ධය හා විනාශය වළක්වා ගැනීමට පියවර නොගැනීම බරපතල කාරණාවකි. 

විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් සහ පාසල් දරුවන්ට විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම ලබා දීමට හැකි මෙම ස්ථානය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රවාහන බලධාරීන්ගේ  ද වගකීම නොවන්නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *