මෙරට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙමින් පවතින අනුරාධපුර දක්‍ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා එහි ක්ෂේත්‍ර පරීක්‍ෂාවකට පසුගියදා (8) එක්විය.

2022 වසරේ ආරම්භ කර, විවිධ අර්බුධ හේතුවෙන් නවතා දමා තිබූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2025 වසරේදී නව උපදේශන සමාගමක සේවා දායකත්වය යටතේ ආරම්භ කෙරිණ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක අනුරාධපුර දක්‍ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ සංවර්ධන අරමුදල මගින් සිදුකරනු ලබයි. ව්‍යාපෘතියේ මූල්‍ය පිරිවැය රුපියල් මිලියන 2,500 කි.

මෙහිදී කෙටිදුර, මධ්‍ය දුර සහ දිගු දුර ගමන් සේවා දවසේ පැය විසිහතර පුරාම ලබාදීම සිදුකෙරේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය භාර සමාජ, පරිසර, ආරක්‍ෂණ නිලධාරි තරංග ධර්මසේන, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ (CECB) අතිරේක සාමාන්‍යාධිකාරි නලීන් පොතුවිල, ඉදිකිරීම් සිදුකරනු ලබන මල්වත්ත කන්ස්ට්‍රක්‍ෂන්ස් හි ව්‍යාපෘති කලමනාකරු ජානක විජය කුමාර, එහි සමාජ විද්‍යාඥ ප්‍රභාත් ජයරත්න වරුෂමාන, පරිසර නිලධාරි එස්.එම්.එස්. සමරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *