උද්‍යාන භෝග ක්ෂේත්‍ර දගන්නෝරුවේදී පවත්වයි 

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

කොලින් හරිශ්චන්ද්‍ර

“විදු නැණින් ගොවි දෑතට” යන තේමාව යටතේ මෙවරත් උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය 2026 අද  (13) දින උදෑසන 8.00 සිට ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. එය හෙට දිනයේ ද  විවෘතව තැබේ. 

කෘෂිකර්ම පංශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ගරු අමාත්‍යය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය හා අනෙකුත් සහෝදර ආයතන එක්ව  සංවිධානය කර තිබුණි. 

මෙම ක්ෂේත්‍ර දිනය හරහා නවීන කෘෂිකාර්මික තාක්ෂණයන්, පර්යේෂණ සොයා ගැනීම්, නව එළවළු ප්‍රභේද සහ කෘෂි යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් ගොවි ප්‍රජාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. තවද මීට අමතරව අගය එකතු කළ ආහාර නිෂ්පාදන, කෘෂි බෝග සායන මෙන්ම විවිධ ප්‍රදර්ශන සහ අලෙවි කුටි තුළින් ගොවීන්ට සිය දැනුම සහ අත්දැකීම් පුළුල් කරගැනීමට අවස්ථාවන්ද සලසා ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජී.ජී.වී. ශ්‍යාමලී මිය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රොෂ්නි හෆිල් මිය, අනෙකුත් අධ්‍යක්ෂ වරුන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති බරණ ජයවර්ධන මහත්මා, පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීහු මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *