තිරප්පනේ ජනතාවට යුද්ධ හමුදාවෙන් නව ජල පිරිපහදු පද්ධතියක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

තිරප්පනේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් හා තාක්ෂණික දායකත්වයෙන් ඉදිකළ නව ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කිරීම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (09) දින සිදු කෙරිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය සංජීවනී ගුණසිංහ කිම් මහත්මිය සහ පවුලේ සාමාජිකයන් විසින් සිදු කල රුපියල් ලක්ෂ 26.5 ට ආසන්න මූල්‍ය දායකත්වයෙන් හා යුද්ධ හමුදා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ මෙම ව්‍යාපෘතිය මගින් අවට ගම්මාන පහක පවුල් 1,300කට පමණ සහ පුද්ගලයන් 4,000කට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය සැපයීමට හැකි වේ.

මෙම අවස්ථාවට  ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *