CART – 2026 නාවික අභ්‍යාසය අවසන්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කළ සහයෝගීතාව සූදානම සහ පුහුණුව පිළිබඳ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය CART – 2026 ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වා පසුගිය දා (30) දින 04 ක පුහුණුවෙන් පසුව සමාප්ති උත්සවයෙන් පසුව නිමාවට පත්විය.

ත්‍රිකුණාමලය සාම්පූර් මැරීන් බලකා මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම පුහුණුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්වූ අතර මෙම පුහුණුව මගින් දේශසීමා අභිබවා පවතින තර්ජන වලට මුහුණ දීමේ හැකියාව හා  වර්ධනය සෙවීම් හා ගැලවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ස්වාභාවික ආපදා අවස්ථාවලදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හා මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වා ගෙන යාම ආදිය පිළිබඳ කුසලතාව වර්ධනය කිරීම සිදු විය. 

මෙම සමාප්ති උත්සව අවස්ථා සඳහා පුහුණුව සඳහා සහභාගී වූ දෙරටේ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයන් රැසක් සහභාගී විය.

මෙයට අදාල ඡායාරූප පහතින් ඒවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *