www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයට (National High Performance Centre) අදාළ නිල සංකල්ප පත්‍රිකාව ඉකුත් දා (30) වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යතුමා වෙත නිල වශයෙන් බාර දෙන ලදී.
රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නංවාලීම අරමුණු කරගත් මෙම නවීන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු මෙම සංකල්ප පත්‍රිකාව හරහා වඩාත් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී අවස්ථාව ප්‍රසන්ත ජයලාල්ගේ නායකත්වයෙන් යුතුව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂඥ කමිටු සාමාජිකයින් මෙන්ම වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සක්‍රීයව සහභාගී විය.
මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හරහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම් ලබා දීමටත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව යුගයක් බිහි කිරීමටත් හැකි වනු ඇත.
එසේම මෙම සංකල්ප පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමත් සමඟම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුහුණු සහ විද්‍යාත්මක පසුබිම නව මානයකට ගෙන යාමට අවශ්‍ය මූලික පියවරයන් මේ වන විට සූදානම් කරමින් පවතී.
මෙම අවස්ථාවට අදාල ඡායාරූප පහතින් දැක්වේ.

