පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය අවම %33 දක්වා ඉහළ නැංවීම කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ සකස් කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමිනි.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියන් පිරිසක් එක්ව සිටියහ.

එහිදී සංසදය අවධාරණය කළේ නව මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි කිරීම ප්‍රමුඛ ප්‍රතිපත්තිමය කරුණක් ලෙස සැලකිය යුතු බවයි.

කාන්තා මෙන්ම තරුණ නියෝජනය ද තහවුරු කළ හැකි ආකාරයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස විමර්ශනය කෙරිණි.

ඒ සම්බන්ධයෙන් තවත් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි රැස්වීමකදී අවසන් තීරණයකට එළඹීමට කාරක සභාව එකඟ වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද සමානුපාතික නියෝජන ක්‍රමයේ මූලික ස්වභාවය වෙනස් නොකර කාන්තා හා තරුණ නියෝජනය වැඩි කළ හැකි තාක්ෂණික යෝජනා පිළිබඳව කාරක සභාව දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *