www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
රිජ්වේ ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති බැවින්, අවශ්‍ය ලියකියවිලි රැගෙන එන ලෙස රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කර ඇත්තේ, පවතින තත්ත්වය හමුවේ දරුවන්ට කඩිනම් හා කාර්යක්ෂම ප්‍රතිකාර ලබාදීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව දරුවන් ප්‍රතිකාර සඳහා හෝ සායනික සේවා ලබාගැනීම සඳහා රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස දැනුම් දී ඇත.
පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත
ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
සායනික සටහන් පොත්
රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්
මෙම ලියකියවිලි රැගෙන ඒම මගින් රෝගී දරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකි වන බව රෝහල් පාලනාධිකාරිය පවසයි.
වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 2693711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.
