මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ට ඇප ලැබීමේ සාදයට ගිය ජේලර් 03 කට පරීක්ෂණ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ජාවාරම්කරුවෙකු හට ඇප ලැබීම හේතුවෙන් සතුට සැමරීම සදහා ඔහුගේ සොහොයුරෙකු විසින් සංවිධානය කරන ලද සාදයකට සහභාගී වූ දුම්බර බන්ධනාගාරයේ ජේලර්වරුන් තිදෙනෙකුට විරුද්ධව බන්ධනාගාර අධිකාරි ගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බන්ධනාගාර අධිකාරීවරයා ට මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කොට ඇති අතර සහකාර බන්ධනාගාර අධිකාරි වරයකු විසින් එය විමර්ශන සිදුකෙරේ.

මෙම සාදය වීඩියෝ ගත කිරීමට ද සාදය පැවැත්වූවන් කටයුතු කොට ඇති බවටද වාර්තා වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *