QR ක්‍රමයට තෙල් ගහන්න මුළු ලංකාවෙම තැනින් තැන ලොකු පෝලිම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ඉන්ධන ලබා ගැනිම සදහා රජය මගින් QR  ක්‍රමය  හදුන්වාදිමත් සමග  අද (15) උදැසන ඉන්ධන පිරහුම්හල් අසළ වාහන පෝලිම් දක්නට ලැබුණි.

මෙහිදි ඉන්ධන ලබා ගැනිම සදහා පැමිණි පිරිස් කියා සිටියේ හිටි හැටියේම කිව්.ආර් සහතිකය හදුන්වාදිමත් සමග දැඩි අපහසුතාවයට පත්වු බවය.

වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණදෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයට අනුව, මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *