www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
දික්ඔය ප්‍රදේශයේ සිට ඩයගම දක්වා ධාවනය වූ මෙම ත්‍රිරෝද රථය, රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් දික්ඔය ප්‍රදේශයේ සිට ඩයගම දක්වා වතු ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නන් බව හඳුනාගෙන තිබේ.
අනතුරින් තුවාල ලැබූ තිදෙනාම ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් වහාම දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි. අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරට පත් ත්‍රිරෝද රථය ප්‍රපාතයෙන් ගොඩගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී තවත් භයානක සිදුවීමක් වාර්තා විය. ප්‍රපාතයේ රැඳී තිබූ රථය යළිත් පහළට පෙරළී ගිය අතර, එම අවස්ථාවේදී රථය අසල සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයට යට නොවී දිවි බේරාගෙන ඇත්තේ ඉතාමත් අසීරුවෙනි. ඔහු අනූනවයෙන් දිවි බේරාගන්නා අයුරු අසල සිටි පිරිස් මහත් භීතියෙන් යුතුව බලා සිටියහ.
අනතුරට පත් ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පැමිණි පිරිස එය පහළට තල්ලු කිරීමේදී, පහළ සිටි පුද්ගලයා මුහුණ දුන් එම බිහිසුණු අවස්ථාව කැමරා කාචයේ මෙලෙස සටහන්ව තිබුණි.
අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට මූලික හේතුව වන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



