වසන්ත මහතා ඝාතනයට පැමිණි වාහනය සොයා ගනී

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.

අද (08) උදැසන 10ට පමණ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෝටර් රථයකින් පැමිණ වෙඩික්කරුවන් ටී 56 ගිනිඅවි දෙකක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ 38 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදනො හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *