asianewsplusone.com sfmnewslk.com
July 8, 2024
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදුකර ඇත.
අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතුකරන බවද ඇය සඳහන් කර තිබේ.
වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුකෙරේ.
මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තා කර ඇත.
ව්‍යවසායකයෙකු වන සී.ඩී.ලේනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

