නීති විරෝධී ලෙස මුහුදු මගින් ගෙන ආ කුළුබඩු කෘමිනාශක නාවික හමුදා භාරයට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (20) දින කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්හැර දමා තිබූ සැකකටයුතු පාර්සල් 16 ක් පරීක්ෂා කිරීමේ දී එම පාර්සල් තුල තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු කැබලි කිලෝ ග්‍රෑම් 591 එනසාල් පොතු කිලෝ ග්‍රෑම් 75 ක් සහ කෘමි නාශක දියර අඩංගු බෝතල්  300 ක් සොයා ගන්නා ලදී.

හිමිකරු වනු සොයා ගත නොහැකි මේ භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා හිමිකරුවන්  අත්අඩංගුවට ගැනීම සඳහා භාණ්ඩ සියල්ල කල්පිටිය පොලීසිය වෙත බාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *