www.bbcmirror.lk
www.Lankawebnews.lk
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සියලු දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගත හැකි පරිදි විෂයන් ස්ථානගත විය යුතු යි. – අගමැති
පවතින අධ්‍යපන ක්‍රමය පිළිබඳ නොව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නිර්මාණය වන අධ්‍යාපන පද්ධතිය පිළිබඳ සැලකිලිමත් වෙමින් සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යන මාර්ග සකස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අදා ළ විෂයන් නිසි පරිදි ස්ථානගත විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (19) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට සීමා නොවී උපාධිය ලබා දීම දක්වා ගෙන යාම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම පිලිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
ඒ අනුව පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීම පිළිබඳවත්, හෙද උපාධිය ලබා දිම සඳහා වන අධ්‍යාපන මාර්ග සිතියම සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන මාර්ග දෙකෙන්ම දරුවන්ට තමන් උපාධිය ලබා ගන්න සහ වෘත්තියකට පිවිසෙන්න ක්‍රමවේද සකස් වෙනවා. මේ මාර්ග දෙක දෙකක් බව අපි අවබෝධ කර ගතයුතුයි. ඒ වගේම එහි අරමුණුත් වෙනස්. කෙසේ වෙතත් හෙද උපාධිය ලබා දීම තුළ සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය වගේම හෙද සේවාවේ ගුණාත්මකභාවය ද සංවර්ධනය වන පරිදි අවශ්‍ය කටයුතු සිදු විය යුතුයි. ඒ වගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තිය අධ්‍යාපනය හරහා සෞඛ්‍ය කෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් වන සාත්තු සේවක, වැඩිහිටි සුරැකුම් සේවා වැනි වෘත්තීන් සඳහාද උසස් අධ්‍යාපනය දක්වා හැදැරීමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමවේදය සකස් විය යුතු බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
