www.bbcmirror.lk
www.Lankawebnews.lk
කුරුණෑගල බඩගමුව රක්ෂිතය ආසන්නයේදී ඇතෙකුගේ ඇත් දලෙහි කොටසක් වන ගජමුතු යැයි හඳුන්වන දල කැබැල්ලක් ලක්ෂ අටකට අලෙවි කිරීමට සූදානම් වන මොහොතේ, වයඹ වනජීවී විශේෂ වැටලීම් ඒකකය මගින් උපාය දූතයන් යොදවා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔක්තෝබර් 27 වන දින මෙම වැටලීම සිදුකර තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්තෝබර් 28 වැනිදා කුරුණෑගල මහෙස්ත්රාත් වෙත ඉදිරිපත් කෙරුණා.
අනතුරුව ඔවුන් දෙදෙනා ලබන මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ඉබ්බාගමුව ප්රදේශයේ සත්ව ගොවිපොළක පාලකයන් දෙදෙනෙකි.
