පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ඒ අනුව ලබන 25 වැනි දින දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 09 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ද සැප්තැම්බර් තුන් වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *