ඩෙංගු මර්දන රාජකාරිවලින් අද (20) සිට දිවයින පුරා ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය සඳහන් කරයි.

සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (19) රාත්‍රියේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.

එමෙන්ම හෙට (21) දිනයේදී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමටද තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *