www.bbcmirror.lk
www.Lankawebnews.lk
ඊට අමතරව, සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ගෙවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිත බවද සඳහන් වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2026 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් මෙම සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරාලමින් රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබාදීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
