ශබ්දය වෙනස් කළ යතුරුපැදි වලට දැඩි නීතිය එයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශබ්දය වෙනස් කළ යතුරුපැදි, මුල් ආකෘතියට වෙනස්කම් සිදුකළ සහ ලියාපදිංචි කර ඇති ධාරිතාව ඉක්මවූ යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී. ජේ. සේනාධීර මහතා අද (13) මේ බව ප්‍රකාශ කළේය.

යතුරුපැදි කණ්ඩායම් ලෙස ධාවනය කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසික තත්ත්වයෙන් රිය පදවන බවට නිරීක්ෂණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එවැනි රියදුරන් සම්බන්ධයෙන් කිසිදු ලිහිලක් නොදක්වා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු පැවසීය.

මීට අමතරව, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *