www.bbcmirror.lk
www.Lankawebnews.lk
1926 වසරේදි ආරම්භ කරන ලද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට විශාල මෙහෙවරක් කරන ලදි. එහි වසර 100 සමරමීන් මහජන සෞඛ්‍ය සේවය ආරම්භය සහ විකාශය, මාතෘ සහ ළමා සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, රෝග නිවාරනය, ලිංගික සෞඛ්‍ය හා මත්ද්‍රව්‍ය මාරයා, වෘත්තීය මාර්ගෝපදේශන, කෘෂිකර්ම නිෂ්පාදන ආදි වෙන් වෙන් වශයෙන් විවිධ වු කලාප රාශියකගෙන් යුක්තව මෙම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලදි.
මෙම අවස්ථාවට ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්දකුමාරන්, සහකාර අධ්‍යක්ෂ , වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි, වෛද්‍ය සදර්මා වීරකෝන් ඇතුළු වෘත්තීකයින් රාශීයක් එක් විය.

