FBC රුධිර පරීක්ෂණ ගාස්තුව සඳහා නියම කර ඇති උපරිම මුදල ඉක්මවා මුදල් අය කළ බවට වරද පිළිගත් යාපනයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් මිලියන 3ක දඩයක් නියම කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ, පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවල සිදුකරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ සඳහා උපරිම ගාස්තු නියම කර ඇති අතර, 

කෙසේ වෙතත්, යාපනයේ පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික ආයතනය එම පරීක්ෂාව සඳහා රුපියල් 550ක් අය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සිදු කළ විශේෂ වැටලීමකදී අනාවරණය වී ඇත.

ඒ අනුව, එම ආයතනයට එරෙහිව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, විත්තිකාර ආයතනය චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 30ක (මිලියන 3ක) දඩයක් නියම කර තිබේ.

එමෙන්ම, සිදුකළ වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ, පෞද්ගලික රෝහල් හෝ වෛද්‍ය රසායනාගාරවලින් සේවා ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, ගෙවන සෑම මුදලක් සඳහාම නිසි බිල්පතක් හෝ රිසිට්පතක් ලබාගන්නා ලෙසත්ය.

නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවද එම අධිකාරිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *