ව්‍යාජ ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට දුරකථන අංක 

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ව්‍යාජ පොලිස් ඇමතුම් සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි දුරකථන අංක කිහිපයක් පොලීසිය හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙවැනි වංචා පිළිබඳ මීට පෙරද ජනතාව දැනුවත් කර තිබුණද තවදුරටත් පුද්ගලයින් එම වංචාවලට ගොදුරු වන බව නිරීක්ෂණය වී ඇති බවයි.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදා ව්‍යාජ ලෙස සකස් කළ WhatsApp සහ Telegram ගිණුම් හරහා මෙම මූල්‍ය වංචා සිදුකරන බවද පොලීසිය අනාවරණය කරයි.

කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් පොලීසිය කිසිවිටෙකත් සිදු නොකරන බව අවධාරණය කළ එම නිවේදනය, මෙවැනි වංචනික පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු වහාම පොලීසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධීක්ෂණ නිලධාරීන්ගේ 071 859 2918, 071 859 1765 යන ජංගම දුරකථන අංකවලට හෝ 011 230 0756 දුරකථන අංකය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලීසිය දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *