Central Bank Governor’s Notice – Interest Rate Cuts


January 09, 2025,

The Central Bank of Sri Lanka’s Policy Statement for 2025 and beyond states that the risk associated with lending by banks and financial institutions is decreasing.

This policy statement was announced by the Governor of the Central Bank, Dr. Nandalal Weerasinghe, yesterday (08).

The Central Bank Governor stated that efforts will be made to maintain the economy stable around the 5 percent target in the coming period.

Weerasinghe said that the risk situation caused by the impact of changes in supply-side prices will continue in the first half of this year and that inflation is expected to reach its target by the end of next year.

The policy statement presented by the Governor of the Central Bank further states that the risks associated with lending by banks and financial institutions are currently decreasing, and that the Central Bank is working closely with banks and other financial institutions to reduce the current high interest rates in the market so that loans can be obtained at low interest rates.

It has been informed that the Central Bank has also focused on developing new methods to increase savings in the context of a rapidly aging population.

මහා බැංකු අධිපතිගෙන් දැනුම්දීමක් – පොලී අනුපාතය අඩු කරයි

බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම අඩු වෙමින් පවතින බව 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකායෙහි සඳහන්කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (08) ප්‍රකාශයට පත් කළා.

මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, ඉදිරි කාලයේදී ආර්ථිකය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායිව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

සැපයුම් අංශයේ මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ අවධානම්කාරී තත්ත්වය මේ වසරේ මුල් භාගයේද පවතිනු ඇති බවත්, ලබන වසරේ අග භාගයේදී උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වෙනු ඇතැයි පුරෝකථනය කරන බවත් වීරසිංහ මහතා පැවසුවේ ය.

මේ වන විට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම් අඩුවෙමින් පවතින බවත්, අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබා ගැනීමට හැකිවන පරිදි මහ බැංකුව වෙළෙදපොළෙහි දැනට පවතින ඉහළ පොලී අනුපාතික අඩු කිරීමට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග සමීපව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයක් සිටින පසුබිමක ඉතුරුම් ඉහළ නැංවීමට නව ක්‍රමවේද සකස් කිරීමටද මහ බැංකුව අවධානය යොමුකර තිබෙන බවයි දැනුම්දී ඇත්තේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *