රුසියානු තෙල් මිලදී ගන්නා රටවල් හට 100% දක්වා තීරුබදු 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට ලැබෙන මූල්‍ය ආධාරය අඩපණ කිරීමේ අරමුණින් සකස් කළ ‘Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026’ නීතියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

මෙම නීතිය යටතේ රුසියානු තෙල් සහ ස්වභාවික ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවල භාණ්ඩ සඳහා 100% දක්වා තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. කෙසේ වෙතත්, එම තීරුබදු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවක් නීතියෙන් අදහස් නොවන අතර, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබේ.

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙම පනත ඡන්ද 262-159කින් සම්මත කර දින දෙකකට පසුව ට්‍රම්ප් විසින් ඊට අත්සන් තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *