www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉයේ (4) නියෝග කළා.
සිද්ධියට අදාල හිටපු ජනාධිපතිවරයා සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැදුම්කරයක් මත මුදා හැරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.
සිද්ධියට අදාලව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක තත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බවයි.
