එල් නිනෝ බලපෑමෙන් පීඩා

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති අතර, පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) උදෑසන නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් බලපෑමට ලක්ව තිබේ.

පීඩාවට පත්ව සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව ජලය බෙදාහැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 තුළ ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදාදීම සිදුකෙරෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *