හඳුන් දිවියකු නිසා කැළඹුණු දික්ඔය.

https://we.tl/t-mOP6mS5wbWnECFmg

***                                                                                                     12.09.2026                                                             -ආර්.එෆ්.එම්.සුහෙල් 

නිවසක් අසලට පැමිණි හඳුන් දිවියා නිසා දික්ඔය ප්‍රදේශයම කැළඹෙයි

දික්ඔය මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක බාහිර මඩුවක් ආසන්නයට අද (12) අලුයම හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

උදෑසන 6.00ට පමණ එම ස්ථානයට පැමිණ ඇති හඳුන් දිවියා, මීට පෙර වගා කටයුතු සිදුකර පසුව අතහැර දමා තිබූ භූමියක වැවී තිබූ රම්පේ පඳුරු සහ තණකොළ අතර සැඟවී සිට ඇත.

දීර්ඝ වේලාවක් කිසිදු චලනයකින් තොරව එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් නිවැසියන් මෙන්ම අවට ප්‍රදේශවාසීන්ද බියට පත්ව ඇති අතර, පසුව සිද්ධිය සැලවීමත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී හඳුන් දිවියා එළවා දැමීමට උත්සාහ කර තිබේ.

ජනතාව විශාල වශයෙන් රැස්වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී රැස්ව සිටි ජනතාවගේ ශබ්ද හේතුවෙන් බියට පත්වූ හඳුන් දිවියා පෙරවරු 11.00ට පමණ එම ස්ථානයෙන් පිටවී නිවස ආසන්නයේ පිහිටි ඇළ මාර්ගය දෙසට ගමන් කරනු දක්නට ලැබිණි.

වනජීවී සත්ත්වයකු ජනාවාස ආසන්නයට පැමිණි අවස්ථාවක එය වටකරමින් හෝ ශබ්ද කරමින් පලවා හැරීමට උත්සාහ කිරීමෙන් සත්ත්වයා කලබල වී මිනිසුන්ට පහරදීමේ අවදානමක් පවතින බැවින්, මෙවැනි අවස්ථාවල ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂිත දුරකින් සිටීම වැදගත් බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

දික්ඔය ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වතු හා ජනාවාස ආශ්‍රිතව වන සතුන් ගැවසීම සම්බන්ධයෙන් අවධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *