“ඇමති සුනිල් සෙනෙවිට Facebook එකේ මඩ ගහන ‘නිලන්ත’ ගැන පියවරක් ගන්නවා-ඔයාත් යමක් කරන්න” – මාධ්‍ය ලේකම් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ පුද්ගලයකු ලෙස පෙන්වාදෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ අසත්‍ය එකක් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කරයි.

අමාත්‍යවරයාව තදබල අපහාසයට ලක්කිරීමේ චේතනාවෙන් යුතුව මෙම ව්‍යාජ පෝස්ටුව නිර්මාණය කර ඇති බවත්, ‘නිලන්ත සත්සර ගමගේ’ නමැති අයකු විසින් මුල් වී මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවත් හඳුනාගෙන තිබේ. ඊට අදාළ ෆේස්බුක් (Facebook) ගිණුම්වල තොරතුරු සහ තිර සටහන් (Screenshots) සාක්ෂි ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හානි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර, මෙම ව්‍යාජ පුවත සංසරණය වීම වැළැක්වීමටත්, නිරවද්‍ය තොරතුරු මහජනතාව අතරට ගෙනයෑමටත් අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස මාධ්‍ය ලේකම්වරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *