බොරතෙල් මිල අද (12) ලෝක වෙළෙඳපොළේ සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි  

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉහළ යමින් තිබූ තෙල් මිල මෙලෙස අඩුවී ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) උදෑසන වනවිට අමෙරිකානු ඩොලර් 108 සීමාවද ඉක්මවා ගිය නමුත්, අද වනවිට එය ඩොලර් 104.61 දක්වා පහත බැස තිබේ.

එමෙන්ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 103.34ක් ලෙස සටහන් වූ අතර, අද එය ඩොලර් 100.05 දක්වා අඩුවී ඇත.

මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඊයේ පැවැති ඩොලර් 122.48 සිට අද වනවිට ඩොලර් 119.46 දක්වා පහත වැටී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *