චමින්ද විජේසිරි ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

2019 වර්ෂයේ පෙබරවාරි මස බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ ආසන්නයේ දි ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනාවන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණය, ඊට දඩුවම් නියම කිරීම අද (28) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කට, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බවට තීරණය කෙරුණි.

2019 වසරේ පෙබරවාරි මස දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී තිබේ.

ඒ අනුව තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟහරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් චෝදනා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *