ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජුලි මාසයේ මුල් දින 21 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 138,730ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 31,734ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 23%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 8,484ක්, එක්සත් රාජධානියෙන් 14,959ක් සහ නෙදර්ලන්තයෙන් 8,415ක් ද මෙම කාලය තුළ ලංකාවට පැමිණ ඇත.

2026 ජනවාරි 01 සිට ජුලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,285,303ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 325,417ක් සහ එක්සත් රාජධානියෙන් 123,526ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 475.6කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක් මගින් මේ බව සඳහන් කර ඇති අතර එමගින් මහ බැංකුව පෙන්වා දී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී සංචාරක ආදායමෙන් රුපියල් බිලියන 50.5ක්ද උපයා ගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *