www.bbcmirror.lk
www.Lankawebnews.lk
2026/07/26 වන දින මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය එම්. එම්. සෆාන් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, බඳවා ගැනීම් අධ්‍යක්ෂක ආචාරය රෝහිත කුමාර විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කාර්යාලයේදී සාමාජික නිලධාරීන් වෙත නිල සාමාජික හැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ෆාරා බදුර්දීන් ඡයා මහත්මිය, ෆස්රූල් මව්ලවිතුමා, හම්සා මව්ලවිතුමා, ආකිල් ජයා මහතා සහ නිරෝෂණි හේමමාලි විජේතිලක මහත්මිය ඇතුළු සාමාජික නිලධාරීන් වෙත නිල හැඳුනුම්පත් ප්‍රදානය කරන ලදී.
මෙම වැඩසටහන මඟින් සංවිධානයේ සාමාජිකයන්ගේ වගකීම, විනය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික මෙහෙවර සඳහා ඔවුන්ගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගන්නා ලදී.
මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය (HRPO)
“Protecting Human Rights • Promoting Justice • Serving Humanity
