TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයිජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පැවැති බව සඳහන්වේ.
මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *