තලවකැලේ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 5කට අධික භාණ්ඩ හා මුදල් සොරාගනී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සැකකරු සොයා CCTV දර්ශන ඔස්සේ මහජන සහාය පතයි.

තලවකැලේ නගරයේ පිහිටි ජංගම දුරකථන හා ආරක්ෂක කැමරා පද්ධති අලෙවි සහ සවිකිරීමේ වෙළෙඳසැලකට පසුගිය 25 වැනිදා රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු, එහි තිබූ ජංගම දුරකථන, මුදල් සහ රන් මුද්දක් සොරාගෙන ගොස් තිබේ.

සොරාගත් භාණ්ඩ හා මුදල්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ පහකට (රු. 500,000) අධික බව වෙළෙඳසැලේ හිමිකරු පවසයි.

සැකකරු වෙළෙඳසැලට ඇතුළු වී සොරකම සිදුකරන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ පැහැදිලිව සටහන් වී ඇති අතර, එම දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති නමුත්, සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන් වේ.

CCTV දර්ශනවල සිටින පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් හෝ ඔහු හඳුනන්නේ නම්, ඒ පිළිබඳව තලවකැලේ පොලිස් ස්ථානයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස වෙළෙඳසැලේ හිමිකරු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *