
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
නොවැම්බර් 22 දින වන විට ගිනිකොන දිග බෙන් ගාලා බොක්ක මුහුදේ අඩු පීඩන කලාපයක් වීමට ඉඩ ඇති බවත් එය වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ. එම නිසා කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අනාවැකි සහ නිවේදන පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි.
උතුරු උතුරු – මැද සහතිරිකුණාමලය ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
දිවයිනේ තවත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සබරගමුව මධ්‍යම ඌව බස්නාහිර සහ දකුණු පළාත්වල අළුයම් කාලයේදී තද මීදුම් තත්ත්වයක් ඇති විය හැක

