ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වැනි මාණ්ඩලික ප්‍රධාන රාජකාරී අරඹයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යුද්ධ හමුදාවේ 71 වෙනි මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට  අයත් මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු මහතා ඊයේ (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරී භාර ගන්නා ලදී.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී භාරගත් එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී විය.

මාතලේ ශාන්ත තෝමස්  විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැඩ බලන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ  ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *