www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
එක් අයෙකුට තුවාල
හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ වටවල ප්රදේශයේදී අද පෙරවරු 6:30 ට පමණ ලොරි රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් ලොරි රථයේ ගමන් කළ එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.
කොළඹ සිට හැටන් දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. ජීප් රථය තමන්ට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වටවල පොලීසිය මගින් සිදු කරනු ලබයි
