19.10.2026
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය යහපත් එඬේරා බාලිකා විද්යාලයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් එම විද්යාලයේ ක්රීඩා මණ්ඩපය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අද (19) පැවැත්විණි.
විද්යාලයේ අධ්යාපනික හා ක්රීඩා ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධනයට වැදගත් වන මෙම ව්යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 80ක මුදලක් දෙමාපියන්ගේ මූල්ය දායකත්වයෙන් එක්රැස් කරගෙන තිබේ. ක්රීඩා මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු වසරක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක අධ්යක්ෂ මනෝජ් හේරත් මහතා, විද්යාලයේ පාලක පියතුමන් වන කැමිලස් චෑන්ස් පියතුමන්, විදුහල්පතිනි කන්යා සොහොයුරිය මේරි ශාමලී ප්රනාන්දු මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන්, දෙමාපියන් සහ ගුරුභවතුන් පිරිසක් සහභාගි වූහ.
වසර 125ක ඉතිහාසයක් සහිත යහපත් එඬේරා බාලිකා විද්යාලය නුවරඑළිය ප්රදේශයේ බාලිකා අධ්යාපනයේ දිගුකාලීන ගමන්මඟ නියෝජනය කරන අධ්යාපන ආයතනයකි. එම අභිමානවත් ඉතිහාසය සමරන අවස්ථාවක ක්රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට පියවර ගැනීම, සිසුවියන්ගේ ක්රීඩා කුසලතා වර්ධනයට සහ අනාගත පරපුරේ සමබර සංවර්ධනයට දායක වන පියවරක් ලෙස සැලකිය හැකිය.
