අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා පිළිබඳව  මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වීදි නාට්‍ය දර්ශනයක් 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

Factum ආයතනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන සඳහා  ජනතාව විශාල වශයෙන් සහභාගී වී සිටියා.

පපරේ වාදන කණ්ඩායමක නාද රටා සමඟින් ඇරඹුණු මෙම වීදි නාට්‍ය වැඩසටහනට එම ප්‍රදේශයේ තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් ද එක් වී අන්තර්ජාල වංචාවලට හසුවීමෙන් තමන් මුහුණදුන් අත්දැකීම් මෙහිදී අන් අය සමඟ  බෙදාගත්තා.

මාලිගාවත්ත ‘GeNext Youth Club’ හි පූර්ණ සහයෝගය මෙම වැඩසටහනට හිමි වූ අතර නවයුගා කුගරාජා ගේ අධ්‍යක්ෂණයෙන් ‘කණ්ණගි කලාලය’ (Kannaki Kalalaya) සහ ‘ඉලංකෝ’ (Ilanko) යන වීදි නාට්‍ය කණ්ඩායම් විසින් මෙම නාට්‍ය රඟදක්වනු ලැබුවා.

ග්‍රාමීය සහ ප්‍රජා මට්ටමින් අන්තර්ජාල වංචාවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා මෙම වීදි නාට්‍ය මාලාව ඉදිරි මාසවලදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සහ පළාත් වෙත ද ගෙන යෑමට Factum ආයතනය සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා යනු පරිගණක, ජංගම දුරකතන සහ අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගලයන් මුළා කර ඔවුන්ගේ මුදල් හෝ රහසිගත පුද්ගලික තොරතුරු සොරකම් කිරීමයි.

ව්‍යාජ ඔන්ලයින් ව්‍යාපාර සහ රැකියා වංචා, පීෂින් (Phishing) සහ ව්‍යාජ පණිවිඩ, සමාජ මාධ්‍ය ගිණුම් හැක් කිරීම, මාර්ගගත (Online) භාණ්ඩ අලෙවි වංචා, ව්‍යාජ ත්‍යාග සහ ලොතරැයි දිනුම් යනාදී ක්‍රම මඟින් සයිබර් අපාරාධකරුවන් අන්තර්ජාලය භාවිතයෙන් මුදල් වංචා සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *