පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මරුට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

වයඹදිග පාකිස්තානයේ පොලිසියට අයත් ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ පිහිටි දේවස්ථානයක ආගමික වතාවත්වල සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයකින් එම ස්ථානයට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

පසුව එම ස්ථානයට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් ද වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් 05දෙනෙකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම ආගමික වතාවත්වල නිරත වෙමින් සිටි සිවිල් වැසියන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *