එ.ජා. ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ නිලධාරීන් තොරතුරු විලායන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Maritime Domain Awareness as Digital Evidence’ කලාපීය වැඩමුළුවට සහභාගී වන කලාපීය නියෝජිතයන් පිරිසක් ඉකුත්දා (13) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි  තොරතුරු විලායන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඒ අනුව ඉංදියාව බංග්ලාදේශය මාලදිවයින හා මෙරට නාවික හමුදා වෙරළාරක්ෂක බලකා සහ අදාල රටවල තොරතුරු විලායන මධ්‍යස්ථානයන්හි රාජකාරි නියුතු 29 ක දූත පිරිසක් මේ සඳහා සහභාගී විය.

මෙම නිරීක්ෂණය චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ පිහිටි තොරතුරු විලායන මධ්‍යස්ථානය මගින් සිදු කරන සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම විශ්ලේෂණය කිරීම ඒකාබද්ධ කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙන්ම සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ විමර්ශන කටයුතු සඳහා සමුද්‍රීය වපසරියේ දත්ත එක්රැස් කිරීම විශ්ලේෂණය කිරීම  සහ ඩිජිටල් සාක්ෂි ලෙස අනාගතයේදී භාවිතා කිරීම සඳහා සංරක්ෂණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් එම නියෝජිතයන් පිරිස දැනුවත් කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ කාර්යාලයේ කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක සිගි ෂොන් (Sigi Song) මහත්මිය සහ බෙංගාල බොක්ක වැඩසටහන ආශ්‍රිත අන්තර් රාජ්‍ය සංවිධානයේ(BOBP- IGO) උපදේශක වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් (විශ්‍රාමික) මහතා ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *