යටි නුවරම වෙනස් කරන “පුනරුදයේ පුරවර” 

(ඔබටත් හිමිවන වාසි මෙන්න)

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

පළාත් පාලන සතියට සමගාමීව යටි නුවර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන සුභසාධන වැඩසටහන “පුනරුදයේ පුරවර” නමින්  දන්තුරේ බහුකාර්ය ගොඩනැගිලි

පරිශ්‍රයේදී අද දින (14) ජාතික ගීය හා පළාත් පාලන ගීය වාදනය කිරීමෙන් 

ආරම්භ කෙරිණි. 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සහ යටිනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ජනතා ගැටලුවලට සෘජු විසඳුම් ලබාදීම උදෙසා මහජන පැමිණිලි, අදහස් සහ යෝජනා සෘජුවම බාර ගැනීමක් ද සිදු කෙරිණි. තවද මෙහිදී ප්‍රජා සෞඛ්‍ය යටතේ බෝ නොවන රෝග සායනය,BMI පරීක්ෂාව, සුව නාරි සායනය, දන්ත සායනය සහ ආයුර්වේද සායනය ඇතුළු සායන රැසක් පවත්වමින් ජනතාවට සේවා ලබාදීමක්ද සිදුවිය. 

පරිසරය නගා සිටුවීම වෙනුවෙන් කිරිබත් කුඹුර “පරිසර පියස” ආරම්භ කිරීම, නගරය පිරිසිදු කිරීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ විශේෂ වැඩසටහන, කොම්පෝස්ට් බඳුන් බෙදා දීම සහ පැළ රෝපණය කිරීමේ වැඩසටහන් රැසක් ද මෙයට ඇතුළත් කර තිබුණි.

මහජන උපයෝගීතා දිනය නිමිත්තෙන් ශ්‍රමදාන වැඩසටහන් රැසක්ද සැලසුම් කර තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හා තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කොට තිබුණි.19 වෙනිදා සවස සංගීත සන්ද්‍යාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සභාපතිතුමා එරන්ද පිටිය කුඹුර,පලාත් පාලන කොමසාරිස්තුමිය චමිලා අතපත්තු,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමා,ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා හංසක විජේමුණි,ගරු ආණ්ඩුකාරතුමා සුරංග ප්‍රනාන්දු,උප සභාපතිතුමා මානෙල් යටිගම්මන, ප්‍රාදේශීය ලේකම්තුමිය ජයමිනී බෝ ගහවත්ත, පොත්තපිටිය පොලිස් ස්ථානාධිපතිතුමා සහ කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සම්බන්ධ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *